කළුතර ප‍්‍රදේශයේ පිහිටි මිශ‍්‍ර පාසලක ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනකු රවටා පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කිරීමේ සිද්ධිය පසුගිය සතියේ ජනමාධ්‍ය තුළ මහත් අවධානයට ලක් වූ සිදුවීමක් විය. දියණිවරුන් මුහුණ දෙන මෙවන් ඛිදෙනීය සිදුවීම් ගැන පසුගිය කාලය පුරා විටෙන් විට අපද වාර්තා කළේ ඒ තුළින් දෙමාපියන්ට, ගුරුවරුන්ට මෙවැනි දරුවන් ආරක්ෂා කර ගැනීමේ ඇති වැදගත් කම ගැන නිරන්තරයෙන් සිහිපත් කර දෙමිනි.
දරුවන් අනාරක්ෂිත වන්නේත් ඒ අය අපයෝජකයන්ගේ ගොදුරු බවට පත්වන්නේත් කෙසේදැයි ඒ සෑම අවස්ථාවකම දෙමාපියන් ඇතුළු සමාජය දැනුවත් කිරීමට ජනමාධ්‍ය පියවර ගත්තත් එවැනි සිදුවීම් වාර්තා වීම දිනෙන් දින වැඩිවනවා විනා අඩුවීමක් සිදුවන්නේද යන්න සැක සහිතය.
ඒ බව සනාථ කරන ආසන්නතම සිද්ධිය වන්නේ කළුතර ඉහත කී පාසලේ සිසුවියන් දෙදෙනා සමූහ දූෂණයකට ලක්වීමේ සිද්ධියයි.
එම සිසුවියන් දෙදෙනා තවමත් දහහතර වැනි වියේ පසුවන්නියන්ය. ඔවුන් ඉගෙනුම ලබමින් සිටියේ 9 වන ශ්‍රේණියේය. ඒ දෙදෙනාම මොරගහහේන නම් ප‍්‍රදේශයේ පදිංචිකාරියන් වූහ.
ඉකුත් 25 වෙනිදා මේ සිසුවියන් දෙදෙනා පාසල් යන්නට සුදු ඇඳුමින් සැරසී නිවෙස්වලින් පිටව එන්නේ පාට ඇඳුමක් බැගින්ද පොත් බෑගයේ සඟවාගෙනය. මෙලෙස පාට ඇඳුමක් පොත් බෑගයේ සඟවාගෙන ඒ දෙදෙනා පාසල් ගිය පළමු අවස්්ථාව එය නොවන බවද හෙළි වී තිබේ.
එදා පාසල් යන්නට යැයි කියා නිවෙස්වලින් පිටත්ව ආවත් ඔවුන් යන්නේ පාසලට නොව, පාසල කිට්ටුව ඇති අතහැර දැමූ, පාළු පුස්තකාල ගොඩනැගිල්ලකටය. එහි ගොස් සුදු ඇඳුම ගලවා දැමූ ඔවුහු පොත් බෑගයේ සඟවාගෙන පැමිණි පාට ඇඳුම ඇඟලා ගත්තෝය.
අනතුරුව ඒ දෙදෙනා පුස්තකාල ගොඩනැගිල්ලෙන් එළියට බසින්නේ පොත් බෑගය සුදු ඇඳුම්ද සමග එහි තැනක සඟවාය. මේ එක් සිසුවියක් සතුව ජංගම දුරකථනයක්ද තිබුණි. ඇය සතුව ජංගම දුරකථනයක් ඇතැයි ඇගේ දෙමාපියන්ද දැන සිට නැති බව අනාවරණය වී තිබේ. ඇය එම ජංගම දුරකථනය රැුගෙනවිත් තිබුනේද පොත් බෑගයේ සඟවාගෙනය.
Monday, August 11, 2014
අඩුපාඩු බලන්න ගිය එජාප මන්ත්‍රීන්ට විරෝධතා..........
එජාප මන්ත්‍රීවරු පිරිසගේ පැමිණීමට පිරිසක් විරෝධය පළ කිරීම ඊට හේතුවුනා..
මීට පෙර එජාප මන්ත්‍රීන් හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නොරොච්චෝලේ විදුලිබලාගාරය, සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිරීක්ෂණයට ද ගිය අවස්ථාවල නොරොච්චෝලේ හැරුණු විට අනෙක් සෑම ස්ථානයකදීම විරෝධතා එල්ල වුනා..

Subscribe to:
Comments (Atom)
